නවසීලන්ත ටෙස්ට් පිල පස් වසරකට පසුව ශ්‍රී ලංකාවට -21 ක්‍රීඩකයින්ට නිවාඩුවක්

ශ්‍රී ලංකාව සමග පැවැ­ත්වෙන තරග දෙක­කින් සම­න්විත ටෙස්ට් තර­ගා­ව­ලිය සඳහා නව­සී­ලන්ත ක්‍රිකට් කණ්ඩා­යම අද පෙර­ව­රුවේ ශ්‍රී ලංකා­වට පැමිණියා.

අයි­සීසී ටෙස්ට් ශූර­තා­ව­ලි­යට අයත් මෙම ටෙස්ට් තර­ගා­ව­ලිය සැප්තැ­ම්බර් මස 18වනදා ගාල්ල ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ආර­ම්භ­ වනවා.

මේ මස 21 වැනිදා පැවැ­ත්වෙන ජනා­ධි­ප­ති­ව­රණ ඡන්ද විම­සුම වෙනු­වෙන් 21 වැනිදා නිවාඩු දින­යක් ලෙසට ප්‍රකා­ශ­යට පත්කර තිබෙනවා.

පළමු ටෙස්ට් තර­ගය අත­ර­තු­රදී ලබා­දෙන විවේක දින­යේදී ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩ­ක­යින්ට තම ගම්බිම් බලා ගොස් ඡන්දය ප්‍රකාශ කර එදි­න පස්ව­රුවේම යළි කණ්ඩා­යම සමග එක්වන ලෙසටයි දැනුම් දී තිබෙන්නේ.

ඒ අනුව දෙපිල අතර පැවැ­ත්වෙන පළමු ටෙස්ට් තර­ග­යට දින 6ක් වෙන් කර දී තිබෙනවා.

දෙවැනි ටෙස්ට් තර­ගය මේ මස 26 දා සිට 30දා දක්වා පැවැ­ත්වී­මට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ නව­සී­ල­න්තය අව­සන් වරට ශ්‍රී ලංකා­වේදී හමුවුණේ ‍2019 වස­රේදීයි.

ඒ එස්එස්සී හා ගාල්ල පිටියේ පැවැති ටෙස්ට් තරග දෙකේ­දී.

එහිදී තර­ගා­ව­ලිය 1-1ක් ලෙස සම තත්ත්ව­යෙන් නිමා­වට පත්වුණා.

පසු­ගිය වසරේ නව­සී­ල­න්ත­යේදී තරග 2කින් සම­න්විත ටෙස්ට් තර­ගා­ව­ලිය 2-0ක් ලෙස නව­සී­ල­න්තය ජය ගැනීමට සමත්වුණා.

මෙතෙක් දෙරට අතර, ටෙස්ට් තරග 39කදී නව­සී­ල­න්තය තරග 18ක් ජය­ග­නිද්දී ශ්‍රී ලංකාව තරග 9ක් ජය වාර්තා කළා.

ටෙස්ට් තරග 11ක් ජය පරා­ජ­යෙන් තොරව නිමා­වට පත්ව තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!