අලුත් මන්ත්‍රීලාට පාර්ලිමේන්තුව ගැන වැඩමුළුවක්

10වන පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීමට අදාළ කටයුතු හෙට (17) සිට ආරම්භ කරනු ලබනවා.

ඒ් අනුව නවක මන්ත්‍රීවරුන්ට හෙට සිට ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි විය හැකි බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසනවා.

අදාළ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය තොරතුරු දැනගැනීම සඳහා 19 වනදා සහ 20 වනදා පාර්ලිමේන්තුවේ තොරතුරු කවුලු දෙකක් විවෘත කිරීමට ද පියවර ගෙන තිබෙන බව සඳහන් වෙනවා.

මේ අතර තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සම්ප්‍රදාය සම්බන්ධව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව දින 03ක වැඩමුළුවක් පැවැත්වීමට ද සැලසුම් කර තිබෙන අතර එම වැඩමුළුව එළඹෙන 25, 26 සහ 27 යන දිනවලදී පැවැත් වීමට නියමිත බව සඳහන් වෙනවා.

ඒ් සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය අද (16) දිනයේ නිකුත්වීමට නියමිතව තිබෙනවා.