අමෙරිකාවේ හදන ‘ලංකාව මුලින්ම පිටියට බහින’ සුපිරි ක්‍රිකට් පිටිය ඉදිවන හැටි මෙන්න

මීළඟ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව මේවන විට කතාබහට ලක්වමින් තිබෙනවා.

එම තරගය පැවැත්වීම සඳහාම අමෙරිකාව විසින් ඉදිකරන Nassau County International Cricket Stadium පිළිබඳව සුවිශේෂී වීඩියෝවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එළිදක්වනු ලැබුවා.

ජුනි මස 03 වනදා සිට තරග පැවැත්වෙන මේ ක්‍රීඩාංගණයේ 34,000කට එකවර තරගය නැරඹිය හැකි වනවා.

මෙම ක්‍රීඩාංගනය ඉදිකරන්නේ ද ලෝක කුසලාන තරගාවලිය සඳහාමයි.

මෙම ක්‍රීඩාපිටියේ පළමු තරගය සඳහා එක්වන්නේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාවයි.

මෙවරත් ආන්දෝලනාත්මක තරගයක් බවට පත්වන බවට විශ්වාස කරන ඉන්දු පකිස්ථාන ක්‍රිකට් තරගය ද මෙම ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

මෙම ක්‍රීඩාංගනයේ තරග කාලසටහන පහතින් දැක්වෙනවා.

3 June: Sri Lanka vs South Africa

5 June: India vs Ireland

7 June: Netherlands vs South Africa

9 June: India vs Pakistan

10 June: South Africa vs Bangladesh

11 June: Pakistan vs Canada

12 June: USA vs India

දැනට මාසයක කාලයකට පෙර ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ඇරඹුණු අතර එහි දර්ශන පහතින් නැරඹිය හැකියි.