නාමල්ගේ රැස්වීම්වලට සෙනඟ නැති නිසා මහනුවර රැස්වීම් තුනක් අවලංගුයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ආසන මට්ටමේ ප්‍රධාන රැස්වීම්වලට සෙනඟ නොමැති නිසා මහනුවර දිස්ත්‍රික්කයේ අද (13) පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීම් තුනක් අවලංගු කර තිබෙනවා.

මෙලෙස අවලංගු කර ඇත්තේ දිගන, මිනිපේ, හාරිස්පත්තුව යන ආසනවල පැවති ප්‍රධානපෙලේ රැස්වීම් තුනක් තුනක් බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

තම දේශපාලන රැස්වීම්වලට පාක්ෂිකයින් නොමැතිවීම සම්බන්ධයෙන් මේ වන විට නාමල් රාජපක්ෂ මහතා දැඩි ලෙස කළකිරීමට ලක්ව සිටින බවටත් තොරතුරු වාර්තා වනවා.

එසේම නාමල් රාජපක්ෂ මහතාගේ රැස්වීම්වලට පිරිස් නොමැතිවීම නිසා ඡායාරූප සමාජ මාධ්‍ය වෙත නිකුත් කිරීමේදී කෑම, බීම නොමැතිව පිරිස් පැමිණි බව සටහන් කරන ලෙසට නාමල් රාජපක්ෂ මහතා සිය මාධ්‍ය ඒකකයට දැනුම් දී ඇති බව වාර්තා වනවා.

මේ අතර පසුගියදා මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගලදී පැවති ජනහමුව සඳහාත් අඩු ජනතා සහභාගීත්වයක් වාර්තා වුණා.

මේ නිසා එම රැස්වීම් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් වර්ජනය කර තිබුණා.