ඉන්දියාවේ සංචාරයක නිරත නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවී තිබේ.
සමුළුවට සහභාගීවීම සදහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉන්දියාවට ගොස් සිටින අතර එම සමුළුවේ ප්‍රධාන දේශනය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් පැවැත්වීමට නියමිතය.
ඇමරිකාව විසින් පනවා ඇති දැඩි තීරු බදු ප්‍රතිපත්තිය හමුවේ ද්වි පාර්ශවික හා කලාපීය සහයෝගිතාවය වැදගත් බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම සමුළුවේදී අදහස් දක්වමින් සදහන් කළේය. පසුගිය කාලයේදී රජයන් ලෙස ඒ අවස්ථාව්දී කළ යුතුව තිබූ දේ නොකළ බවද මන්ත්‍රීවරයා කීවේය. ඉන්දීය අගමැතිවරයා පැමිණ ආරම්භ කළ සාම්පූර් බලාගාරයේ කටයුතු ආරම්භ කිරීමට තිබුණේ 2014 වසරේදී බව ඔහු සිහිපත් කළේය.
ලංකාවේ ආයෝජන පිළිබද මෙහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අදහස් දැක්වූ අතර ඔහු සදහන් කළේ ආයෝජන ගෙන්වා ගන්නා රටට වඩා එයින් රටට ලැබෙන ප්‍රතිලාභ පිළිබද අවධානය යොමු කරන බවද සදහන් කළේය. පසුගිය කාලයේදී චීන ආයෝජන විශාල වශයෙන් රටට ලැබි ඇති බව සිහිපත් කළ මන්ත්‍රීවරයා පසුගිය වසර කිහිපයේදී ඉන්දීය ආයෝජන විශාල වශයෙන් පැමිණ ඇති බවද පැවසුවේය. කොළඹ වරායේ අදානි ව්‍යාපාරයේ පර්යන්තයේ වැඩ කටයුතු ආරම්භ කළ බවද ඔහු සදහන් කළේය.