ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (21) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්රකාශනය සහ ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත අයවැය මගින් ජනතාවට ලබා දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
අද (20) අනුරාධපුරයට පැමිණ ජය ශ්‍රී මහබෝධින් වහන්සේ හා රුවන්වැලිසෑය වැද පුදාා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර සිටිනවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ,
“මේ රට ඉදිරියට යා යුතුයි ඒ සම්බන්ධයෙන් වත්මන් රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අපි වඩා සැලකිල්ලෙන් බලා ඉන්නවා.. ඒ සියල්ල ජනතා හිතවාදි විය යුතුයි.. ජනතාවට එරෙහිව සිදුවන කිසිම ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් අපි නිහඬව ඉන්නේ නෑ.. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තුළදීත්, ඉන් පිටතදීත් අපි අවශ්‍ය කටයුතු සිදු කරනවා.. එදා ජනතා විමුක්ති පෙරමුණ කළා වගේ කඩාකප්පල්කාරී වැඩ අපි කවදාවත් කරන්නේ නෑ.. මේ පාර්ලිමේන්තුව ජනාධිපතිගේවත්, මගේවත්, මහින්ද රාජපක්ෂගෙවත්, හේෂාගෙවත් නෙවෙයි.. මේක පොදු ජනතාවගේ උත්තරීතර පාර්ලිමේන්තුව.. පාර්ලිමේන්තු සම්ප්‍රදායන් එදා ඉඳන් පැවතුණා.. පාර්ලිමේන්තු සම්ප්‍රදායන් බිඳ වැටුණොත් ඒක ප්‍රබල ගැටළුවක් බවට පත්වෙන්න පුළුවන්.. එතුමන්ලා පාර්ලිමේන්තුවේදී පසුගිය කාලේ කෑ ගැහුවා පොහොර සහනාධාරය ගැන.. හැබැයි දැන් ඒ අයට කලට වෙලාවට පොහොර ටික දෙන්න බැරිවෙලා.. කරුණාකරලා, ගොවීන්ට අවශ්‍ය පොහොර ටික නිසි වෙලාවට දෙන්න.. රටක ආණ්ඩු හදන්නෙත්, ආණ්ඩු පළවා හරින්නේත් ජනතාවයි.. ඒ නිසා අපි අපේ පක්ෂයේ ප්‍රතිපත්ති තුළ ඉඳිමින් ජනතාව වෙනුවෙන් කටයුතු කරනවා“