සෞඛ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ කාර්ය මණ්ඩල වෙනුවෙන් අමාත්‍යාංශයෙන් වාහන එකොලහක් ලබාදී ඇති බව අනාවරණය වෙයි.
.
එක් කැබ් රථයක් සදහා මාසිකව සුපර් ඩීසල් ලීටර් 595ක් හිමිවන බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේඛනවල දැක්වේ.
අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්වරයාට කේ.එක්ස්. 7904 අංක දරණ ටොයෝටා කොරොල්ලා වර්ගයේ මෝටර් රථය ලබාදී ඇත.
සම්බන්ධීකරණ ලේකම්වරුන් වෙනුවෙන් පී.එච් 1234, පී.ඩී. 3139, පී.ඊ. 1409, පී.ජී. 0611 යන කැබ් රථ සහ කේ.ආර්. 6766, යන මෝටර් රථ දී තිබේ.
මාධ්‍ය ලේකම්වරුන්ට ලබාදී ඇත්තේ පී.ජී. 1409 සහ පී.ජී. 1405 අංක දරණ කැබ් රථ දෙකයි.
අමාත්‍යවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරීවරියට පී.ජී. 1422 අංක දරණ කැබ් රථය ලබාදී තිබෙන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය වාහන නිකුත් කරමින් ලබාදුන් ලේඛනවල වැඩිදුරටත් සදහන් වේ.








