අභාවප්‍රාප්ත හෙළයේ නිළි රැජින වූ මාලනි ෆොන්සේකා මහත්මියට ලබා දුන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සම්බන්ධව අද (27) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අවධානයට ලක්විය.
එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ රජය මින් පෙර මාලනී ෆොන්සේකා මහත්මිය වෙනුවෙන් රාජ්‍ය ගෞරව ලබා දෙන බව පැවසුවද පසුව එය රාජ්‍ය අනුග්‍රහය දක්වා වෙනස් කළ බවත් මීට හේතුව කවරේද යන්නය