මුම්බායි ඉන්දියන්ස් නායකයාට තරග තහනමක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් අතර ඊයේ (17) පැවැති තරගයේ මන්දගාමී පන්දුවාර වේගයක් පවත්වා ගැනීම හේතුවෙන් මුම්බායි නායක හර්දික් පාණ්ඩ්‍යාට එක් තරගයක තහනමක් පැන වී තිබෙනවා.

කෙසේ නමුත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සියලු ම තරග ක්‍රීඩා කොට අවසන් බැවින්, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මීළඟ තරග වාරයේ දී පාණ්ඩ්‍යාට අදාළ වරද සඳහා හිමි දඬුවම වශයෙන් එහි පළමු තරගය තහනම් වනවා.

එම කොන්දේසියට අනුව හර්දික් පාණ්ඩ්‍යා එළඹෙන තරග වාරයේ දී මුම්බායි කණ්ඩායම හැර වෙනත් කණ්ඩායමක් සමග එක් වුවත් එම තහනම අනිවාර්යයෙන් ම ක්‍රියාත්මක වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ මෙවර නායකත්වය දරණ හර්දික් පාණ්ඩ්‍යා මෙවර තරගාවලිය තුළ අවම ඕවර අනුපාතයක් පවත්වා ගැනීමට අපොහොසත් වූ තෙවැනි අවස්ථාව මෙය වනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස එක් තරගයක තහනමට අමතරව හර්දික් පාණ්ඩ්‍යාට ඉන්දීය රුපියල් ලක්ෂ 30ක දඩයක් ද, Impact Player ඇතුළු ක්‍රීඩා කළ කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ට ඔවුන්ගේ ඊයේ (17) තරග ගාස්තුවෙන් රුපියල් ලක්ෂ 12ක් හෝ 50% බැගින් තනි තනිව දඩයකට යටත් වීමට සිදුවුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!