හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මීට සුළු වේලාවකට පෙර කොළඹ විජේරාම මාවතේ පිහිටි සිය නිල නිවසින් පිටත්ව ගියේය.
සිය බිරිද ශිරන්ති රාජපක්ෂ සමග ඔහු විජේරාම මාවතේ නිල නිවසින් පිටත්ව යන අවස්ථාවේදී පාක්ෂිකයින් විශාල පිරිසක් නිල නිවස අසලට පැමිණ සිටියහ.
විජේරාම නිල නිවසින් පිටත්වූ ඔහු තංගල්ලේ කාල්ටන් නිවස බලා පිටත්ව යාමට නියමිතය.
හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මෛත්‍රීපාල සිරිසේනත් මීට පෙර තමන්ගේ නිල නිවෙස් භාරදී පිටත්ව ගොස් තිබේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ නිල නිවාස ලබාගෙන තිබුණේ නැත.