ක්ෂය රෝගීන් වැඩිම පිරිස බස්නාහිරින්

2023 වසරේ වාර්තා වු ක්ෂය රෝගීන් අතරින් සියයට 46ක් බස්නාහිර පළාතෙන් බව ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසනවා.

ඒ අතරින් සියයට 25ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර කොළඹ මහනගර සභා සීමාව තුළින් පමණක් වාර්තා වූ ක්ෂය රෝගින් සංඛ්‍යාව ඉන්දියාව සහ බංග්ලාදේශයට සමානවී ඇති බවද ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය මිසායා කාදර් මහත්මිය මේ බව පැවසුවා.

මේ අතර වාර්තා වන ක්ෂය රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණනයක් පිරිමි පුද්ගලයන් වන බවත් දුම්පානය, මත්පැන් පානය කිරීම ඊට ප්‍රධාන හේතුව බවද විශේෂඥ වෛද්‍ය මිසායා කාදර් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!