කිලෝ 40කට වැඩි කුෂ් තොගයක් රේගු භාරයට

බ්‍රිතාන්‍ය ජාතිකයෙකු විසින් නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක රේගු නිලධාරීන් සොයාගෙන තිබෙනවා.

එම කිලෝ 43යි ග්‍රෑම් 600කට ආසන්න බරකින් යුත් මෙම මත්ද්‍රව්‍ය තොගය රේගු ඉතිහාසයේ විශාලතම කුෂ් මත්ද්‍රව්‍ය වැටලීම බවයි රේගු නිලධාරීන් පැවසුවේ.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු දෙකක තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත්තා .

එහි වටිනාකම රුපියල් කෝටි 44කට ආසන්න බවයි රේගුව සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතිකයා වයස අවුරුදු 21 වන බ්‍රිතාන්‍ය ආරක්ෂක සේවා නිලධාරියෙක් බවයි වාර්තා වන්නේ.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරු කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.