ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලංකාවේ කළ සංචාරය අතරවාරයේදී දෙරට අතර ඇතිකරගත් ගිවිසුම් පිළිබද තොරතුරු ලබාදෙන ලෙසට ශ්‍රී ලංකා නිව්ස් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව ජනාධිපති ලේකම් කර්යාලයට, විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ නීතිපති දෙපාර්තමේන්තුවට තොරතුරු දැනගැනීමේ පනත යටතේ අදාල ඉල්ලීම් කර තිබේ.
තොරතුරු දැනගැනීමේ පනත යටතේ අදාල ඉල්ලීම ලැබුණ බවත්, ඒ සම්බන්ධයෙන් වන ඉදිරි පියවර දින 14ක් ඇතුළත දැනුම් දීමට කටයතු කරන බවත් ජනාධිපති ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා නිව්ස් වෙත දැනුම් දී තිබේ.
එහෙත් විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ නීතිපති දෙපාර්තමේන්තුවට ඊමේල් මාර්ගයෙන් යොමු කරනු ලැබූ තොරතුරු ඉල්ලීමට මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත.
ඉන්දීය අගමැතිවරයාගේ සංචාරය අතරවාරයේදී අත්සන් කරනු ලැබූ ගිවිසුම් පිළිබද තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් තොරතුරු දැනගැනීමේ පනත යටතේ අදාල ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙසට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්චාවේදී දැනුම් දුන්නේය. ඒ අනුව ශ්‍රී ලංකා නිවිස් වෙබ් අඩවිය විසින් අදාල තොරතුරු දැනගැනීමේ අයදුම්පත් ඊමේල් මාර්ගයෙන් යොමු කර තිබේ