තෙවැනි වතාවටත් දිවුරුම් දීමට සැරසෙන මෝදී

ඉන්දීය මහ මැතිවරණයෙන් ජය ලැබූ නරේන්ද්‍ර මෝදී සිය තුන්වැනි ධුරකාලය සඳහා ලබන සෙනසුරාදා (08) දිවුරුම් දීමට නියමිත බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එදිනට ඔහුගේ නව කැබිනට් මණ්ඩලයද දිවුරුම් දීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඉන්දීය මහා මැතිවරණයෙන් මෝදී ගේ නායකත්වයෙන් යුතු සන්ධානය ආසන 543ක් සහිත පාර්ලිමේන්තුවේ ආසන 293ක් දිනාගත්තා.

ඉන් ආසන 240ක් ම දිනාගෙන ඇත්තේ මෝදී ගේ භාරතීය ජනතා පක්ෂය විසිනුයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!