ජනාධිපතිවරණයට අදාළව රාජ්‍ය දේපොළ අවභාවිතය සම්බන්ධ පැමිණිලි තවදුරටත් ඉහළ යමින් ඇතිබව මැතිවරණ නීරික්ෂණ සංවිධාන පවසනවා.
පැමිණිලි 260ක් ලැබී ඇති බව මැතිවරණ ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යන ආයතනයේ විධායක අධ්යක්ෂ මංජුල ගජනායක මහතා සඳහන් කළා.
ඉන් 233ක්ම ලැබී ඇත්තේ රාජ්‍ය දේපොළ අවභාවිතය සම්බන්ධයෙන්.
මේ අතර ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ නිති උල්ලංඝණය කිරිම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිද ඉහළ ගොස් ඇතිබව මැතිවරණ කොමිසම නිවේදනය කළා.
මැතිවරණ නීති කැඩු 52ක් මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා