ලෝක රූ රැජින තරගයේ අවසන් සිව් දෙනා මේ වන විට තේරී අවසන්ව තිබේ.
ඒ අනුව ලෝක රූ රැජිණ අවසන් සිව් දෙනා අතරට ඇමරිකානු සහ කැරබියන් කලාපය නියෝජනය කරමින් එක්ව සිටින්නේ මාර්ටිනික්‍යු රාජ්‍යය නියෝජනය කරමින් පැමිණි තරගකාරියයි. අප්‍රිකානු කලාපයෙන් ඉතියෝපියාව නියෝජනය කළ තරගකාරිය තේරී ඇති අතර යුරෝපා කලාපයෙන් පෝලන්තය නියෝජනය කළ තරගකාරිය පැමිණ තිබේ. ආසියානු සහ ඕසියානා කලාපය නියෝජනය කරමින් තායිලන්තය නියෝජනය කළ තරගකාරිය ඇතුළත්ව සිටී.
පළමු හතලිස් දෙනා තෝරා ගැනීමේ වටයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ අනුදි ගුණසේකර ඉවත්වූ අතර අවසන් දහසය දෙනා තෝරා ගැනීමේ වටයේදී ඉන්දියාව නියෝජනය කළ තරගකාරිය ඉවත්වීම කැපී පෙනේ.