ඉන්දියාවත් එළියට විසිවේ – මෙන්න Miss World මේවන විට තත්ත්වය

ඉන්දියාව ලෝක රූ රැජින තරගයෙන් එළියට විසිවී තිබේ.

මේ වන විට ඉන්දියාවේ තෙලංගානාහි පැවැත්වෙන මිස් වර්ල්ඩ් තරගාවලියේ ආසියානු කලාපයෙන් තෝරනු ලබන අවසන් තරගකාරියන් දෙදෙනා අතරට පිලිපීනය හා තායිලන්තය නියෝජනය කරමින් ඉදිරිපත්වූ තරගකාරියන් දෙදෙනා ඇතුළත් විය. ඒ අනුව ඉන්දියාව නියෝජනය කරමින් තරග වැදුණ තරගාරිය ලෝක රූ රැජින තරගයෙන් ඉවත් වනු ලැබුවේය.

ඇමරිකානු සහ කැරබියන් කලාපයෙන් බ්‍රසීලය හා මාටිනික්‍යු රාජ්‍ය නියෝජනය කරමින් ඉදිරිපත්වූ තරගකාරියන් දෙදෙනා සුදුසුකම් ලැබුවාය.

අප්‍රිකානු කලාපය නියෝජනය කරමින් ඉතියෝපියාව සහ නැම්බියාව නියෝජනය කළ තරගාකාරියන් දෙදෙනා පත්විය. යුරෝපා කලාපය නියෝජනය කරමින් කලාපයෙන් තෝරන අවසන් දෙදෙනා අතරට පත්වූයේ පෝලන්තය හා යුක්‍රේනය නියෝජනය කරමින් ඉදිරිපත්වු තරගකාරියන් දෙදෙනාය.