මිස් වර්ල්ඩ් තරගාවලිය සදහා ඉදිරිපත්වූ අනුදි ගුණසේකර ගැන ලංකාවේ බොහෝ දෙනා බලාපොරොත්තු තැබුවත් ඇයට අවසන් 40 දෙනාට ඇතුළත්වීමට නොහැකිවූ අතර අවසන් 40 දෙනා අතරට තේරුනේ මෙසේය.
ඇමරිකානු සහ කැරබියන් කලාපයෙන් දස දෙනෙක්, අප්‍රිකානු කලාපයෙන් දස දෙනෙක්, යුරෝපා කලාපයෙන් දස දෙනෙක්, ආසියානු සහ ඕෂියානු කලාපයෙන් දස දෙනෙක් වශයෙන් හතලිස් දෙනෙක් මුලික වටයට තෝරා ගත්තේය.
ඒ අනුව ඇමරිකානු සහ කැරබියන් කලාපය නියෝජනය කරමින් ආර්ජන්ටිනාය, බ්‍රසීලය, ඩොමිනික් රිපබ්ලිකන්, හයිටි, ජැමෙයිකා, මාර්ටිනික්‍යු, පැනමා, පර්ටියෝ රිකෝ, ටොබැගෝ සහ ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කළ තරගකාරියෝ තේරී පත්වූහ.
අප්‍රිකානු කලාපය නියෝජනය කරමින් තේරී පත්වූයේ බොස්වානා, කැමරූන්, ඉතියෝපියා, නැම්බියා, නයිජීරියා, සෝමාලියාව, ටියුනීසියා, උගන්ඩා, සැමිබියාව සහ සිම්බාබේ නියෝජනය කළ තරගාරියන්ය.
යුරෝපා කලාපයෙන් බෙල්ජියම්, එස්තෝනියා, අර්යන්තය, ඉතාලිය, මොන්ටෙන්ගෝ, උතුරු අයර්ලන්තය, පෝලනත්තය, සර්බියා, යුක්‍රේන් සහ වෙල්ස් නියෝජනය කළ තරගකාරියන් අවසන් 40 දෙනා අතරට පත්විය.
ආසියානු සහ ඕෂියානු කලාපයෙන් ඔස්ටේ්‍රලියා, ඉන්දියා, ඉන්දුනීසියා, ලෙබනන්, මැලේසියාව, නවසීලත්නය, පිලිපීනය, තායිලන්තය, තුර්කිය සහ වියට්නාමය නියෝජනය කළ තරගකාරියන් තේරී පත්වූහ.
මේ අතර අනුදි ගුණසේකර ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සටහනක් තබා තිබෙනවා.පහතින් ඒ ගැන නැරඹිය හැකියි.