පාතාල නායකයකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන මිදිගම රුවන් ඩුබායි සිට මෙරටට අද (31) අලුයම රැගෙන එනු ලැබූ මිදිගම රුවන් නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන ගොස් තිබෙනවා.
ඔහු මේ වනවිට අත්අඩංගුවේ පසුවන නදුන් චින්තක නොහොත් හරක් කටාගේ සමීපතමයෙකු බවත් වාර්තා වනවා.
ඩුබායි හී පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් ඩුබායි පොලීසිය මීට මාස කිහිපයකට පෙරදී ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තු නිකුත් කරනු ලැබුවා.
රතු වරෙන්තු නිකුත් කර තිබෙන අවස්ථාවේදී මිදිගම රුවන් නමැත්තාව මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා.
අනතුරුව ඒ පිළිබඳව මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමෙන් පසුව ඔහුව රැගෙන ඒම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණා.
නදුන් චින්තක නොහොත් හරක් කටාගේ සමීපතමයෙක් වන මිදිගම රුවන්, හරක් කටාගේ අපරාධ රැසක් ඩුඩාහි සිට මෙහෙයවා ඇති බවට ද අනාවරණ වී තිබෙනවා.
හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පළායෑමේ මෙහෙයුම සංවිධාන කර තිබුණේද මිදිගම රුවන් විසින් බව මේ වන විට හෙළි වී තිබෙනවා.