මාලිමාවේ දැනුවත්වීමකින් තොරව ගමේ සංවර්ධන කටයුතු සිදු කළ නොහැකි බවට මාතලේ යටවත්තේ ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපතිවරයාට, මාලිමාවේ ප්‍රාදේශිය නායකයෙක් විසින් තර්ජනි කළ බවට යටවත්ත පොලීසියට පැමිණිලි කර තිබේ.
ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපතිවරයා හිටපු යුද හමුදා සාමාජිකයෙකි.
යටවත්තේ මාර්ග සංවර්ධනය නොවන බවට අරුණ පුවත්පත කළ වාර්තාවකට අනුව යටවත්ත ප්‍රාදේශීය සභාව ඒගොඩමුල්ල ගොලැන්ගල සහ බතලහේන දක්වා මාර්ගය සංවර්ධනය කිරීම ආරම්භ කිරීමෙන් උරණවූ ප්‍රාදේශීය නායකයා යැයි කියන අය මාලිමාවේ ප්‍රාදේශීය කමිටුවේ අවසරයකින් තොරව ප්‍රදේශයේ කිසිදු සංවර්ධනයක් කළ නොහැකි යැයි පවසා බැණ තර්ජනය කළ බව සභාපතිවරයා පැමිණිලි කර ඇත.
ඊට ඒගොඩමුල්ල ගොලැන්ගල සහ බතලහේන ජනතාව ඒගොඩමුල්ල ප්‍රජා ශාලාවට එක්ව දැඩි විරෝධය පළ කළහ. ජනාධිපතිවරයා සහ බුද්ධශාසන ආගමික කටයුතු සංස්කෘතික නියෝජ්‍ය ඇමැතිවරයා දැනුවත් කිරීමටද ඔවුන් තීරණය කර තිබේ.
මෙම ගම්මාන දක්වා පිවිසෙන මාර්ගයල ගෙදරවෙල වෙල් යාය දක්වා මාර්ගය සංවර්ධනය යටවත්ත ප්‍රාදේශීය සභාව ආරම්භ කළ අතර විසල් මාතලේ ජල ව්‍යාපෘතිය මගින් පානීය ජලය සැපයීමට ජාතික ජලාපවහන හා ජල සම්පත් මණ්ඩලයේ අඹන්ගඟ කාර්යාලයේ නිලධාරීහු ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කළහ.