“කොරියානු E8 වීසා යටතේ රැකියාවට යාමට බලාපොරොත්තුවෙන් හිටපු අයට ගැටලු කිහිපයක් ඇති වෙලා තිබෙනවා .මේ පිරිස ලියාපදිංචි කල නමුත් දැන් කාර්යාංශය විසින් මේ වීසා ලබා දීම ප්‍රතික්ෂේප කරලා තිබෙනවා.” මේ බව E8 වීසා ලබා බියුරෝවෙන් අගතියට පත් ජනතා එකමුතුව වෙනුවෙන් පෙනී සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා පවසනවා
ඔහු මේ බව පවසා සිටියේ, කොළඹ සිංහ සමාජ ශාලාවේදී E8 වීසා ලබා බියුරෝවෙන් අගතියට පත් ජනතා එකමුතුවේ මාධ්‍ය හමුවට එක්වෙමින්,
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ,
“67 දෙනෙකුට ලබාදුන් වීසා හරියට අත්සන් කරලා නෑ කියලා දැන් කාර්යාංශය කියනවා.දැන් මේක අහිමි වෙලා .මේකට හේතුව කාර්යාංශය විසින් මේ E8 වීසා එපා කියලා ලියුමක් ගහලා තිබෙනවා කොරියානු රජයට.කාර්යාංශයේ මේ ක්‍රියාව නිසයි මේ පිරිසට කොරියානු රැකියා අහිමි වෙලා තිබෙන්නේ.”
මේ සම්බන්ධයෙන් අවශ්‍ය නෛතික ක්‍රියා මාර්ග ගන්න අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේම මේ ගැන කැබිනට් එකටත් කාර්යාංශය හරහා දන්වා තිබෙනවා.”