මෛත්‍රී රට යාම සැකයක් – CID ගිය මන්ත්‍රී

මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස් ගතවීම ගැන සැකයක් පවතින බව සමගි ජන බලවේගයයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කර ඇති පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබා දීමට රහස් පොලිසියට (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ) අද (10) පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

හිටපු ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති පසුබිමක මෙලෙස ඔහු විදෙස් ගත වීම ගැටලුවක් බවයි ඔහු පවසන්නේ..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේවන විට තායිලන්තයේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!