දෙදින තරගයක් ලෙස මේ දක්වා පැවැති මහින්ද රිච්මන්ඩ් ආදරවන්තයන්ගේ සටන 2025 වසරේ පැවැත්වෙන 120වැනි මහා ක්‍රිකට් තරගයේ පටන් දින තුනක තරගයක් ලෙස අඛණ්ඩව ඉදිරියට පැවැත්වීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පසුගිය 16 වැනිදා සවස මහින්ද විද්‍යාලයීය ඕල්කට් ශාලාවේ දී පැවැත්විණි.
ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති ජනක පේදුරුහේවා, රිචමන්ඩ් විද්‍යාලයේ විදුහල්පති පි.එස් පුෂ්පකුමාර, මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් සම්පත් රත්නායක, රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් චම්ලි කුලවර්ධන, මහත්වරු මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබූ අතර මහින්ද විද්‍යාලයේ පාසල් සංවර් ධන සමිතියේ ලේකම් නලින් තරංග නන්දසිරි පරණගම සහ රිච්මන්ඩ් විද්‍යාලයේ පාසල් සංවර් ධන සමිතියේ ලේකම් උදාර අලස් මහත්වරු පාසල් ද්විත්වය අතරවන මෙම ගිවිසුමේ සාක්ෂියට අත්සන් තැබූහ.
මෙහි ප්‍රධාන ආරාධිතයන් ලෙස මෙම පාසල් ද්විත්වයෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ විශිෂ්ට ක්‍රීඩකයන් දෙපළක් වන මහින්ද විද්‍යාලයේ උපුල් චන්දන සහ රිච්මන්ඩ් විද්‍යාලයේ චම්පක රාමනායක මහත්වරු සහභාගි වූහ.
මෙය මහින්ද-රිච්මන්ඩ් විද්‍යාල දෙකේ ක්‍රිකට් ක්‍රීඩාවේ පෙරළියක්. මෙම අවස්ථාව ලබාගන්න වසර ගණනාවක සිට විශාල පිරිසක් මහන්සි උනා. සමහර අය අකමැති උනා. අද ඔක්කොමලා දින තුනක් ක්‍රිඩා කරන්න එකඟතාවකට පැමිණිලා තියෙනවා.
හොඳ හදවතක් සහ ශක්තිමත් නායකයන්ට පමණයි මේ වගේ තීරණයක් ගන්න පුළුවන්. දෙවිදුහල්හිම අය අද ඒ තීරණය අරගෙන තියෙනවා.ඇත්තටම අති විශිෂ්ටයි.
අපි වයසින් විතරක් වයසට ගිහිල්ලා වැඩක් නැහැ. අපේ පාසල්වල ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට අත්දැකීම් වගේම අභියෝග බාර ගන්න පුරුදු කරන්න ඕන.
අපි ඒ වගේ දේවල්වලට පසුගාමී වෙනවා නම් අපි කොහෙන්වත් ඉදිරියට යන්නෙ නැහැ. පාසල් දෙකම මෙම තීරණය පැමිණීම ගැන සුබ පතනවා. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තුතිවන්ත වෙනවා.යැයි උපුල් චන්දන මහතා පැවසීය.
මේක ඓතිහාසික අවස්ථාවක්. උපුල් චන්දන කිවුවා වගේ අපි පසුගිය වසර විස්සක කාලයේ උත්සාහ ගත්තා දින තුනකට යන්න. ඒ වෙනුවෙන් සංවාදයක් තිබුණා. දැන් දෙපිළටම මේ අවස්ථාව ලැබිලා තියෙනවා.
මේක අනාගතයේ මේ දෙවිදුහල්හිම ක්‍රීඩකයන්ගෙ දක්ෂතා, කැපවීම් මෙන්ම විශිෂ්ට ක්‍රිකට් විලාසයක් දැක ගැනීමේ අවස්ථාව උදාකරන බව විශ්වාසයි.
මේ තීරණයත් එක්ක ඉදිරි අවුරුදු කීපයේදී ශතක විශාල සංඛ්‍යාවක්, කඩුලු පහ දවාගන්නා පන්දු යවන්නන්ගෙ දක්ෂතා විශාල සංඛ්‍යාවක් දැකගන්න ලැබේවි. ඒ වගේම තරගයට වර්ෂාවෙන් බාධා උනත් තරගය ජය පරාජය තීරණය වන තරග බවට ඒවා පරිවර්තනය වන අවස්ථා මේ තීරණය එක්ක දැකගන්න ලැබේවි. මගේ ඉල්ලීම ක්‍රිකට් තරගයක් පරාජය වීම ගැටලුවක් නෙමෙයි. පරාජයන් තුළින් බොහෝ දේවල් ඉගෙන ගන්න.
අපි මහින්දයට පරාජය උනාම. රිච්මන්ඩ් ආදි ශිෂ්‍ය හැමෝම එකතුවෙලා අපේ ක්‍රිකට් ඉහළට ගෙන ආවා. ඒ නිසා ජය පරාජයම නෙමෙයි රිච්මන්ඩ් මහින්ද අපි අතර අතීතයේ පටන් විශිෂ්ට මිත්‍රත්වයක් තිබෙනවා.
මගේ ළඟම මිත්‍රයන් මහින්දයීයන්. ඒ ගැන කියනවා නම් මම පාසලෙන් ඉවත් උනාම මට ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන්න අවස්ථාව උදා කර දුන්නෙ මහින්දෙ උපුල් සුමතිපාල මහත්මයා. මම එහි ක්‍රීඩා කරලා හොඳ තැනකට එනකොට මහින්දෙ උපුල් චන්දනව ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයට ගන්න වගේම, ලසිත් මාලිංගගේ ක්‍රිකට් දියුණු කරන්න මට හැකියාව ලැබුණා.
මේ විදියට මහින්දෙ වගේම රිච්මන්ඩ් එක විශිෂ්ට ක්‍රීඩකයන් රැසක් මේ රටට දායාද කරලා තියෙනවා. ඒ නිසා කණ්ඩායම් දෙකටම මම සුබපතනවා. අපට 2025 අප්‍රේල් 3,4 හා 5 තෙදින විශිෂ්ට තරගයක් නැරඹීමට අවස්ථාව උදාවනු ඇතැයි විශ්වාස කරනවා යැයි චම්පක රාමනායක මහතා පැවසීය.
මෙම අවස්ථාවට දෙවිදුහල්හි නියෝජ්‍ය හා සහකාර විදුහල්පතිවරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලය, ආදි ශිෂ්‍ය සංගම් නියෝජිතයන්. පාසල් සංවර්ධන සමිති නියෝජිතයන්, ක්‍රීඩා භාර ආචාර් යවරුන්, පුහුණුකරුවන්, දෙවිදුහල්හි වත්මන් සහ හිටපු ක්‍රිකට් නායකයන් ඇතුළු ක්‍රීඩකයන් රැසක් සහභාගි වූහ.