හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට අනියුක්ත කර සිටින නිලධාරීන් ගමන් ගන්න වාහන යළි රැගෙන යාම සඳහා අද (18) උදෑසන පිරිසක් පැමිණ තිබෙනවා.
මෙලෙස ඔවුන් පැමිණ ඇත්තේ හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති වරප්රසාද යළි සමාලෝචනයට පත්කර ඇති කමිටුවේ නිර්දේශ ප්රසිද්ධියට පත්කර නොමැති අවශාවක දීයි.
මහින්ද රාජපක්ෂ මහතාට ඇති ආරක්ෂක තර්ජන හේතුවෙන් පසුගිය සියලු රජයන් ඔහුට ප්රමාණවත් ආරක්ෂාවක් ලබාදී තිබුණා.
අවසන් වූ LTTE ත්රස්තවාදය නිමා කිරීම සඳහා දේශපාලන නායකත්වය ලබා දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි.
වාහන යළි භාරදීම සඳහා නියම කර ඇති කාලයටත් පෙර මෙම වාහන රැගෙන යාම සඳහා පැමිණීම සම්බන්ධයෙන් බොහෝ දෙනා විමතිය පළ කර තිබෙනවා.