හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වන විට පදිංචිව සිටි නිවසේ මාසික කුලීය රුපියල් ලක්ෂ 46කට තක්සේරු කර ඇති අතර එම මුදල මාසික කුලී මුදලක් අය කරගෙන නිවසේ පදිංචිව සිටීමට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇත.
එම කුලී මුදල ලබානොදුනහොත් ගෙයින් එළියට දැමීමටද කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කළේය.
ඉදිරියේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ නිවසද මේ ආකාරයට තක්සේරු කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සදහන් කළේය.
වැඩිදුරට්ත අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීවේය.
ඓතිහාසික වශයෙන් වටිනා අරලියගහ මන්දිරය ඉතිරි කරගෙන, ජනාධිපති මන්දිරය ඉතිරි කරගෙන, නුවර ජනාධිපති මන්දිරය ඉතිරි කරගෙන ඉතිරි ඔක්කෝම කමිටුවට භාරදුන්නා. මොකද කරන්නේ කියලා යෝජනා කරන්න. මම මේ ලගදී මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්න ගෙදර තක්සේරු දෙපාර්තමේන්තුව යවලා තක්සේරු කළා කීයක් වටිනවාද කියලා බලන්න. තාම ඉඑම තක්සේරු කරන්න බැරිවුනා. ගෙදර විතරක් තක්සේරු කළා. ගෙදර තක්සේරුව අනුව මාසික කුලීය ලක්ෂ 46යි. තවම ඉඩම කළේ නෑ හොදද. බෞද්ධාලෝක මාවතේ.
එක්කෝ හිටපු ජනාධිපතිවරුන්ට ගෙයක් හිමියි. නැතිනම් පඩියෙන් තුනෙන් එකක් හිමියි. අපි ගේ ගන්නවා. පඩියෙන් තුනෙන් එකක් දෙනවා. රුපියල් තිස් දාහයි. එහෙම නැතිනම් ඉතිරි සල්ලි ටික දීලා ඒ ගෙදර ඉන්න පුලුවන්. මාසේ කුලීයට. කුලීය දුන්නේ නැතිනම් එළියට.
චන්ද්‍රිකා ඉන්න ගේ තක්සේරු කරන්න ගියා. එතුමිය සති දෙකක් ලන්ඩන්, සති දෙකෙන් පස්සේ එන්න කියලා. දැන් ඇවිත් ඉන්නේ. දැන් යවනවා. ජනතාව දැනගන්න ඕන, මහජනතාවට අයිති දේපල කොච්චර බුක්ති විදිනවාද කියලා ජනතාව දැනගන්න ඔන්.
අමාත්‍යාංශයට ගියාම අපිට වාහන තියෙනවා. වාහන සංචිත ඇමැතිවරුන්ගේ. හොයාගන්න සරල වාහන නෑ. අපි ගෝල් ෆේස් වල ගොඩ ගහලා තිබුණා, තියෙන එක ටිකක් අවදානම් නිසා අපි ආරක්ෂිත තැන්වලට අරගෙන ගිහින් තියෙනවා. පෙබරවාරිවල වාහන ගේන්න ඉඩ දීලා තියෙනවා. ඒත් එක්කම වාහන මිලේ යම් වෙනසක් සිදුවෙනවා. අන්න එතකොට මේ වාහන ඔක්කෝම වෙන්දේසි කරලා භාණ්ඩාගාරයට සල්ලි එකතු කරනවා.