හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජීවත්ව සිටි විජේරාම මාවතේ නිල නිවසේ ඇතුළත වීඩියෝ කිරීමට කිසියම් පිරිසක් උත්සාහ කර ඇති බව අනාවරණය වේ.
මහින්ද රාජපක්ෂ නිල නිවසින් පිටත්ව ගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේදී මෙම පිරිස පැමිණ ඇත්තේ තමන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් බව පවසමිනි. නිවසේ ඇතුළත වීඩියෝ කිරීමට තමන්ට අවශ්‍ය බව ඔවුන් නිවසේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන්ට පවසා ඇත.
කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා නිවසින් පිටත්ව ගියත් නිවස නිල වශයෙන් නැවත භාරදිය යුතුව තිබෙන බවද, එම කටයුතු අවසන් කරන තෙක් නිවසට ඇතුළුවීමට අවස්ථාව දිය නොහැකි බව ආරක්ෂක නිලධාරීන් සදහන් කර ඇත.
ඒ අවස්තාවේදී කිසියම් අයෙක්ට දුරකතන ඇමතුමක් ගත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරීන් බව කියන පිරිස නැවත පිටත්ව ගොස් ඇත.
මෙම නිල නිවසේ තිබූ බඩු බාහිරාදියෙන් සියයට අනූවක් පමණම හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික බඩු බාහිරාදිය බවද අනාවරණය වේ.