මයුරපති කෝවිලේදී මුහුණට මුහුණ මුණගැසුණු මහින්ද සහ සජිත්

සීතාඑළිය කෝවිලේ කුම්බාභිෂේක මංගල්‍යය වෙනුවෙන් ඉන්දියාවේ අයෝද්‍යාහි සරයූ ගංගාවෙන් රැගෙන ආ ශුද්ධ ජලය ඇතුළු සීතා අම්මන් දේව ප්‍රතිමාව සඳහා වස්ත්‍ර සහ ආභරණ වැඩමවීමේ තීර්ථ යාත්‍රා පෙරහැර අද (17) කොළඹ මයුරපති කෝවිල් පරිශ්‍රයෙන් ආරම්භ වුණා.

කොළඹ මයුරපති කෝවිලේදී විශේෂ පූජා සත්කාර සහිතව මෙම ශුද්ධ වූ ජලය සහ පූජා භාණ්ඩ විශේෂ ලෙස සකසන ලද රථයේ තැන්පත් කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කථානායක මහින්ද යාපා අබේවර්ධන, මධ්‍යම පළාත් හිටපු මහඇමති සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන V. රාධ ක්‍රිෂ්ණන්, වඩිවේල් සුරේෂ්, ඉන්දියානු මහකොමසාරිස් සන්තොෂ් ජා ඇතුළු පිරිසක් මෙම උත්සවයට සහභාගී වී සිටියා.

මෙම තීර්ථ යාත්‍රා පෙරහැර අද කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හරහා රම්බඩ හනුමාන් දේවස්ථානය වෙත ගමන් කිරීමට නියමිතයි.