මහින්දෙ කොල්ලෝ උසස් පෙළින් වැඩ පෙන්නති

මෙවර උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන තුනක් සිය පාසලට ගෙන ඒමට ගාල්ල මහින්ද විද්‍යාලයේ සිසුන් සමත්වී තිබේ.

ඒ අනුව ජීව විද්‍යා, කලා සහ වානිජ යන විශය ධාරාවන් තුනේම ගාල්ල දිස්ත්‍රික් ප්‍රථම ස්ථානයන් මහින්ද විද්‍යාලයට හිමිව තිබේ. ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය සහන් කාවින්ද සිසුවා හිමිකරගෙන ඇති අතර කලා අංශයේ දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ රමේෂ් ඉදුවර අබේසේකර සිසුවාය. සේන් ජීවන්ත වික්‍රමනායක කරුණාරත්න -වානිජ විශය ධාරාව ඔස්සේ දිස්ත්‍රික් පළමු ස්ථානය ලබාගෙන ඇත.

ගණිත අංශයේ දිස්ත්‍රික් දෙවැනි ස්ථානය හිමිකරගෙන ඇත්තේ පුන්සර නෙතදුන් සිසුවාය. මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ ගණිත අංශයෙන් හතරවැනි ස්ථානය, පස්වැනි ස්ථානය, හය වැනි ස්ථානය, හත්වැනි ස්ථානය හා අටවැනි ස්ථානය දිනාගෙන ඇත්තේ මහින්ද විද්‍යාලයේ සිසුන්ය.