කම්කරු අමාත්යංශය යටතේ පවතින ප්රධාන ආයතනයක්වන කම්කරු දෙපාර්තමේන්තුවේ සේවා වඩා කඩිනම් සහ ඵලදායි කිරීමේ අවශ්යතාවය පිළිබඳව අවධානය යොමුව ඇති අතර ඒ සදහා ඩිජිටල්කරණය යොදා ගැනීම සම්බන්ධයෙන් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්නගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද දිනයේදී අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ඒ සඳහා ඩිජිටල්කරණය ව්යාපෘතිය ආදේශ කරගන්නා ආකාරය සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළවිය.
ඒ අනුව සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට කඩිනමින් අදාළ සේවා අවම කාලයකින් සැපයීමත් මාර්ගගතව සහ ඩිජිටල්කරණය මගින් ලබා දිය හැකි සේවා කාර්යක්ෂමව ලබා දීමටත් අවධනය යොමු කෙරිණි.
විශේෂයෙන් කම්කරු දෙපාර්තමේන්තුවල මහ බැංකුව සේවක අර්ථසාධක අරමුදල ආදී ආයතනවලින් කම්කරු ජනතාවට සේවා සැපයීමේදී ඒකාබද්ධ ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කිරීමේ අවශ්යතාවයද මෙහිදී මතු කෙරිණි.
මෙම ඩිජිටල්කරණ වැඩපිළිවෙල හරහා කම්කරු ජනතාවට සිය ප්රතිලාභ ලබා ගැනීමේදී සහ සෙසු සේවා ලබා ගැනීමේදී කාලය ශ්‍රමය ඉතිරි කර ගැනීමත්ල වඩා තෘප්තිමත් රාජ්ය සේවයක් නිර්මාණය කිරීමට හැකිවනු අති බවද මෙම සාකච්ඡාවේදී අවධාරණය කරනු ලැබීය.