“මට ඡන්දෙට එන්න වෙන්නේ බෝල් ගාඩ් එකෙන්” – මහේල ඡන්දයට එන හැටි ගැන කියයි

තමාට සහ සහ තම මිතුරන්ට ඉදිරියේදී මැතිවරණයට ඉදිරිපත්වීමට සිදුවන්නේ බෝල් ගාඩ් එකේ ලකුණින් බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පැවසුවේය.

තරුණ ව්‍යවසායකයින්ගේ නායකත්වය සංසදය අමතමින් ඔහු මේ බව පැවසුවේය.

තරුණ ව්‍යවසායකයින්ගේ නායකත්ව සංසදය අමතමින් ඔහු පවසා ඇත්තේ ලබන 14 වැනිදාට සියලු දෙනාම තමාට ඡන්දය ප්‍රකාශ කරනු ඇති බවයි. මහේල මැතිවරණයට ඉදිරිපත් වන කතාව ඇසීමෙන් තරුණ ව්‍යවසායකයින් වික්ෂිප්තභාවයට පත්වූ අතර ටික වේලාවකින් මහේල නැවත කතාව ආරම්භ කළේය.

“හැමෝම කල්පනා කරන්නේ මොන පක්ෂයෙන් ඡන්දය ඉල්ලනවාද කියන එකනේ. මගේ මිතුරන් කීප දෙනෙක් හිතුවා මේක උත්සාහ කරන්න. ඒත් සියලුම නම් දැන් අරගෙන ඉවරයි.

ඊට පස්සේ අපි හිතුවා, අපි ක්‍රිකට් සංකේතයින් පටන් ගනිමු කියලා. ක්‍රිකට් පිත්ත. ඒක අවුරුදු ගානකට කලින් අරගෙන. ක්‍රිකට් බෝලය ගැන ඊළගට හිතුවා. ඒකත් අරගෙන. හැබැයි ඒ එක පක්ෂයක්වත් ක්‍රිකට්වලට සම්බන්ධ නෑ. ඊට පස්සේ මගේ යාළුවෙක් කිව්වේ ගන්න පුලුවන් ඒකම දේ වෙන්නේ බෝල් ගාඩ් එක විතරයි. ඒකත් ඒක අපේ දේශපාලන හීනය නැති වෙලා ගියා.” මහේල පැවසුවේ සියලු දෙනාම සිනා ගන්වමිනි.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු කීවේ තවත් වසර කීපයක් යන තෙක් තමන් දේශපාලනයට සම්බන්ධ නොවන බවයි.