හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6.61ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු 59 වන වියේ පසුවන පුද්ගලයකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් තීන්දු කර තිබෙනවා.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින්.

2021 වසරේ ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අදාළ විත්තිකරු හෙරොයින් ග්‍රෑම් 6.61 ක්ල තමා සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් පසුව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා පැවසුවේ විත්තිකරුට එරෙහිව පැමිණිලිකරු විසින් එල්ලකර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පුවී ඇති බවයි.