ඊයේ (23) රාත්‍රීයේ අම්පාර සිට කොළඹ බලා ගමන් කළ ලංගම බස් රථයක රියදුරුවරයෙකුට රාත්‍රී 8.15 ට පමණ හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පවසන්නේ අදාළ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන නතරවි ඇති බවයි.
ඊයේ රාත්‍රි 7.00ට පමණ අම්පාර ඩිපෝවෙන් කොළඹ බලා එම බස් රථය පිටත්වී තිබෙනවා.
රියදුරුට ඇතිවු යම් අසනිප තත්ත්වයක් නිසා ඔහු බස් රථය ඉඟිණියාගල මහා විදුහල අසල නවත්වා එම ස්ථානයේ පෞද්ගලික ප්‍රතිකාර ලබන වෛද්‍යවරයකුගෙන් ඖෂධ රැගෙන නැවත කොළඹ බලා පිටත්ව ඇති බව සඳහන් වනවා.
ඔහුගේ අසනීප තත්ත්වය බැරෑරුම් බැවින් මෙම ගමන නොයන ලෙසට වෛද්‍යවරයා උපදෙස් ලබාදී තිබුණත් වෙනත් රියදුරකු නැති බව පවසමින් ඒ මහතා කොළඹ බලා බස් රථය ධාවනය කර තිබෙනවා.
වෛද්‍යවරයා හමුවී සැතපුම් 10 යන්නට පෙර බස් රථය පාරෙන් පිටතට පැන තිබෙනවා.
පසුව රියදුරු කඩිනමින් ඉඟිණියාගල රෝහලට ඇතුළත් කළත් ඒ වන විට ඔහු මිය ගොස් ඇති බව වාර්තා වනවා.
මෙම බස් රථයේ ගමන් ගත් එක් මගියකු පමණක් සුලු තුවාල ලබා තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගින් 40ක් පමණ සිටි බව එම බස් රථයේ කොන්දොස්තරවරයා පවසනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 49වන වියේ පසුවන මංජුල ප්‍රසන්න නැමැති පරගහකැලේ පදිංචි දෙදරු පියෙකි.
ඉඟිණියාගල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.