අරක්කු මිල ඉහළ යාම සම්බන්ධයෙන් අමාත්‍ය ලාල් කාන්ත කණගාටුවට පත්වෙයි.
එහෙත් කඩා වැටුණු ආර්ථිකයක් සහිත රටක් භාරගෙන ආර්ථිකය නගා සිටුවීමේදී අකැමැත්තෙන් හෝ එවැනි තීරණ ගැනීමට සිදුවන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදීය.
ජනතාව ප්‍රතික්ෂේප කළ හැලුනු කණ්ඩායම් සියල්ල ඒකාබද්ධව වත්මන් රජයට එරෙහිව ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් වුවද එය කිසිදු හෝ අභියෝගයක් නොවන බවද හෙතෙම කීවේය.
බින්දු දෙකක් එකතු කළ විට බින්දු දෙකක් නොවන බවත් උත්තරය බින්දුවම වන බැවින් විපක්ෂය ඒකාබද්ධ වීම රජයට කිසිදු ගැටලුවක් නොවන බවත් ඇමැතිවරයා කීය.
මේ පිළිබඳව තොරතුරු පහතින් නැරඹිය හැකියි.