සම්පන්දන් වෙනුවට කුහදාසන් පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත ආර්.සම්පන්දන් මහතා වෙනුවට ඉදිරියේදී කදීරවේලු සන්මුගම් කුහදාසන් මහතා පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිතයි.

ඒ දෙමළ ජාතික සන්ධානයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින මන්ත්‍රීවරයා ලෙසයි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් පසුගිය මහ මැතිවරණය සදහා දෙමළ ජාතික සන්ධානය යටතේ තරග කළ ඔහු පරාජිත ලැයිස්තුවේ පළමුවැනියා ලෙසයි සිටියේ.

එම මැතිවරණයේදී ඔහු මනාප 16,770ක් ලබාගත්තා.

ඒ අනුව ඉදිරියේ දී ඔහුගේ නම පක්ෂය මැතිවරණ කොමිසමට යෝජනා කරනු ඇති.

ඒ මහතාගේ නම ගැසට් කිරීමෙන් අනතුරුව ඔහු පාර්ලිමේන්තුවේ දී නව මන්ත්‍රිවරයා ලෙස දිවුරුම් දෙනු ලබයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!