මාලිමාව කෝට්ටෙන් නරක පූර්වාදර්ශයක් පෙන්වලා ?

මාලිමාව කෝට්ටේ නගර සභාව ජයග්‍රහනය කිරීමෙන් අනතුරුව ජනජය සිටි වෙළද සංකීර්ණය පිහිටි භූමියේ අනවසරයෙන් ලොතරැයි කුටියක් තබන ලද බවට චෝදනා එල්ල වනවා.

මීට දින කිහිපයකට පෙර මෙම ලොතරැයි කුටිය තබන ලද පුද්ගලයාම අනවසර කඩ කාමරයක් ආරම්භ කර ඇති අතර අනෙක් වෙළඳසැල් හිමියන්ගේ විරෝධය නිසා නගර සභාව එය ඉවත් කරගෙන තිබුණා.

මෙම පුද්ගලයා ජා.ජ.බ.වෙනුවෙන් පසුගිය මැතිවරණයේදි ක්‍රියාකාරීව කටයුතු කළ තැනැත්තෙකි.

මෙම ස්ථානය ටෙන්ඩර් මගින් ලබා දුන්නේ නම් නගර සභාවට රුපියල් ලක්ෂ 40 ආසන්න මුදලක් ලබා ගත හැකිව තිබුණ බවයි නගර සභාවේ සේවකයන් පෙන්වා දෙන්නේ.

නගර සභාවේ ඉතා දූෂිත නමක් ඇති ආදායම් පරික්ෂකයකු විසින් මෙම ක්‍රියාව මීට මසකට පෙර සිට සැලසුම් කර ඇති බවටද ඔවුන් චෝදනා කරනවා.

ජනජය සිටි වෙළද සංකීර්ණයේ පාර්කින් අඩුපාඩුවක් තිබියදී මෙය පාර්කින් එකේ තැබීමට අනුමැතිය දුන්නේ කෙසේදැයි කඩ හිමියෝ ප්‍රශ්ණ කර තිබෙනවා.

නුගේගොඩ දිනකට මෙවැනි වර්ග අඩි 10 ප්‍රමාණයක් වෙන් කිරීමට රු 5000ක් ගෙවිය යුතු අතර එය වසරකට රු 1,800,000/= ක් වනවා.

එහෙත් එම මුදල රාජගිරියේදි වසරටම රු 3600 අඩු වුයේ කෙසේද? යන්නද නගර සභාවේ සේවකයන් ප්‍රශ්න කර සිටිනවා.

මෙම ආදායම් පරීක්ෂකවරයා නගර සභාවට ලැබිය යුතු දැන්වීම් පුවරු ආදායම් ඇතුළු ආදායම් අවභාවිතා කළ බවටද චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.