තමන්ට මාධ්‍යයට ප්‍රකාශ නිකුත් නොකරන ලෙසට පක්ෂය විසින් උපදෙස් ලබාදී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටච්චි කළ ප්‍රකාශයක් ඩේලි මිරර් පුවත්පත වාර්තා කර ඇති අතර එයට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරිය ප්‍රකාශ කර ඇත්තේ ඩේලි මිරර් වාර්තාව පිළිබද කණගාටුවට පත්වන බවය.
“I am disappointed about your irresponsible, false media reporting! ඔබේ අසත්‍ය සහ වගකීම් විරහිත මාධ්‍ය වාර්තාකරණය පිළිබඳව මම කණගාටුවට පත් වන්නෙමි!” යනුවෙන් ඇය ෆේස් බුක් සටහනක් තබා තිබේ.
මන්ත්‍රීවරිය කෙසෙල්වත්ත ප්‍රදේශයේ පැවති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනකට ඊයේ දිනයේදී සහභාගී වී තිබේ. ඒ අවස්ථාවේදී මාධ්‍ය ඇයගෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ඉල්ලා ඇත.
ඒ අවස්ථාවේදී ඇය ප්‍රකාශ කර ඇත්තේ තමන්ට මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කළ නොහැකි බවය. පක්ෂය විසින් මාධ්‍යයට ප්‍රකාශ ලබා නොදෙන ලෙසට තමන්ට උපදෙස් ලබාදී ඇති බවද ඇය සදහන් කර තිබුණාය.
රාජපක්ෂලාගේ මුදල් උගන්ඩාවේ සගවා ඇති බවට මැතිරවණ කාලයේදී ඇය වරක් ප්‍රකාශ කළ අතර මැතිවරණයෙන් පසුව ඇය කීවේ එය තමන් දැනුවත්ව කී බොරුවක් බවය. පසුව ඇත්තක් බොරුවක් සේ කීමටත්, බොරුවක් ඇත්තක් සේ කීමටත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇති බවට ඇය ප්‍රකාශ කළ අතර එයද සමාජයේ ආන්දෝලනයක් බවට පත්විය