X ජාලයට විකල්පයක් ලෙස ඉන්දියාව නිර්මාණය කළ Koo නම් ජාලය වසා දැමීමට තීරණය කර තිබෙනවා.
මේ නිසා එය භාවිත කළ ඉන්දියානුවන් මිලියන ගණනක් අපහසුතාවයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාරතා කරනවා.
එම සමාජ මාධ්‍ය වේදිකාවේ නිර්මාතෘවරු පවසන්නේ අවශ්‍ය තරම් අරමුදල් නොලැබීම සහ තාක්ෂණය සඳහා අධික මුදලක් වැය කිරීමට සිදුවීම හේතුවෙන් ඔවුන් එම තීරණය ගත් බවයි.
Koo, ජාලය එළිදැක්වූවේ 2020 වසරේදී.
එයින් භාෂා 10කින් පමණ පණිවුඩ හුවමාරුකර ගැනීමේ හැකියාව පවතිනවා.
ඉන්දීය රජය සහ X ජාලය අතර 2021දී මතභේදයක් ඇතිවීමෙන් අනතුරුව රජයේ අමාත්‍යවරු කිහිපදෙනෙක් ම Koo ජාලය භාවිත කිරීමට පෙළඹ තිබුණා.
ඒ හේතුවෙන් එය වඩාත් ප්‍රචලිත වුණා.
2021 වනවිට Koo මෙවලම මිලියන 20ක් පමණ පිරිසක් විසින් බාගත කරගෙන තිබුණා.