පොහොට්ටුවට මඩ ගැහුවට අපිට ගැටළුවක් නැහැ – නාමල් මොනරාගලදී කියයි

ඊර්ෂ්‍යාව සහ වෛරය වපුරමින් අශිෂ්ට දේශපාලනයක නිරතවීමේ ප්‍රතිපත්තියක් තමා තුළ නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොනරාගල ප්‍රදේශයේ පැවති ජනහමුකට සහභාගී වෙමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ.

එහිදී අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ ,

“ජනතාව අපේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් හොඳ අවබෝධයකින් ඉන්නවා. හොඳ දැක්මකින් ඉන්නවා. මහින්ද රාජපක්ෂ මහා- තාගේ පාලන කාලයට පෙර තිබූ මොනරාගල බිබිල අද තිබෙන තත්ත්වය පිළිබඳව මේ ජනතාව හොඳින් දන්නවා. එදා මේ දිස්ත්‍රික්කය මායිම් ගම්මාන වලට තිබුණේ. එක් පැත්තකින් ත්‍රස්තවාදී තර්ජනයන්, අනෙක් පැත්තෙන් ඌන සංවර්ධනයත්, දරුවන්ගේ පාසල් යෑම පිළිබඳ ගැටලුත් තිබුණා. යටිතල පහසුකම් පිළිබඳ ප්‍රශ්න තිබුණා. රැකියා පිළිබඳ ගැටලු තිබුණා. ගමෙන් බිහිවු නායකයෙක් විදියට මහින්ද රාජපක්ෂ මහතාට වුවමනාව තිබුණා මේ ගම්හාන සංවර්ධනය කරන්න. අවාසනා- වට 2015දී මේ රටේ සංවර්ධනය අතරමඟ නතර වුණා. 2015 සිට අද දක්වා ඒ සංච- ර්ධනය ක්‍රියාත්මක වුණේ නෑ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව අවුරුදු දෙක හමාරයි තිබුණේ. නමුත් එම ආණ්ඩුව යටතේ මේ රටේ මාර්ග කිලෝමීටර් ලක්ෂයේ සංච ප්‍රධන වැඩසටහන ඇතුළුව දැවැන්ත මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කළා, අපි හැමදාමත් සංවර්ධනය කේන්ද්‍ර කරගෙන දේශපාලනය කළා.

වෛරය, ඊර්ෂයාව, තරහ, කුහකත්වය. මඩ දේශපාලනය අපි ළඟ නෑ. එදා තිබු ණෙත් නෑ. අදත් නෑ. හෙටත් නෑ. අපට මඩ ගහන්න පුළුවන්. ඒ පිළිබඳ ගැටලුවක් නෑ .මොකද අපට වැඩ කරන්න තිබෙනවා, අපි ප්‍රතිපත්තියක් සමඟ දේශපාලනය කරනවා. අපි විශ්වාස කරන දේශපාලන දැක්මක් සහ දර්ශනයක් තිබෙනවා. ඒ සමඟ මේ රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙළක් තිබෙනවා.” යනුවෙනි.