කෙරවලපිටිය “සොබාධනවි” සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ විවෘත චක්‍රීය පළමු අදියර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද විවෘත කෙරුණා.
ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ප්‍රාථමික ඉන්ධන ප්රභවය ලෙස ද්‍රවකෘත ස්වභාවික වායුව (LNG) භාවිතා කරමින් මෙහි මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබනවා.
සොබාධනවි සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරය මෙරට LNG වායුව භාවිතා කරන ප්‍රථම විදුලි බලාගාරය වන අතර එය මෙගාවොට් 350ක ධාරිතාවකින් යුක්ත වනවා.