ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ක්‍රියාත්මක වූ මගී යාත්‍රා සේවය යළිත් ලබන සිකුරාදා (16) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.
මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත්තේ ඉන්දියාවේ නාගපට්නම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරෛ දක්වායි.
පුද්ගලික සමාගමක් විසින් මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන් කිරීමේ අවස්ථාවත් ලබාදී තිබෙනවා.
ඊයේ (12) දිනයේ සිට මගී යාත්‍රා සේවය සඳහා ප්‍රවේශ පත්‍ර වෙන්කර ගත හැකි බව අදාළ සමාගම දැනුම් දුන්නා.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෙම මගී යාත්‍රා සේවය මීට පෙර මැයි මස 13 වන දින ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණත් විවිධ හේතු නිසා එය කල්දැමීමට සිදුවුණා.