ප්‍රතිලාභ රැසක් සමගින් “ජයගමු ශ්‍රී ලංකා” අද සහ හෙට පුත්තලමට

ජයගමු ශ්‍රී ලංකා” පුත්තලම දිස්ත්‍රික් වැඩසටහන අද (14) උදෑසන 9.30ට හලාවත ශර්ලි කොරයා ක්‍රීඩාංගනයේදී අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතයි.

ඩිජිටල්කරණය හා බැඳුණු නව වැඩ ලෝකයට ගැලපෙන, ස්මාර්ට් ශ්‍රී ලාංකික ශ්‍රමික පරපුරක් බිහිකිරීම උදෙසා පවත්වනු ලබන මෙම වැඩසටහන මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක සාර්ථකව පවත්වා තිබෙනවා.

අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ සංකල්පයක් ලෙස ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහන ආරම්භ කර ඇති අතර ඉන් ප්‍රතිලාභ ලබන ශ්‍රී ලාංකික රැකියා අපේක්ෂිත සහ රැකියා නියුක්තික පිරිස දිනෙන් දින ඉහළ යමින් තිබෙන බවයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසන්නේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සහ එයට අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විෂය පථයට අදාළව සැකසුණු මහජන සුභසාධනය උදෙසා සිදුකරන ප්‍රදානයන් රැසක් ද මෙම වැඩසහනේ දී සිදු කෙරෙනවා.

විගමනික ශ්‍රමික හරසර, ගරුසරු, ස්මාට් යූත් ක්ලබ්, ශ්‍රම වාසනා අරමුදල, ස්මාර්ට් යෞවන සමාජය සහ සංක්‍රමණික සේවක හරසර වැනි අනුබද්ධ කණ්ඩායම්වල මඟපෙන්වීම යටතේ මහජනතාවගේ සුභසාධනය වෙනුවෙන් එම ප්‍රදානයන් ලබා දීමට නියමිතයි.

ඒ අනුව පාසල් සඳහා ස්මාර්ට් බෝර්ඩ් ලබාදීම, අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන් සඳහා පාසල් උපකරණ ලබාදීම ඇතුළු සේවාවන් රැසක් “ජයගමු ශ්‍රී ලංකා” වැඩසටහන මගින් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට හිමි වෙනවා.

ඊට අමතරව රැකියා වෙළඳපොළ අවශ්‍යතා පිළිබඳ දැනුවත් කිරීම්, අඩු ආදායම්ලාභී පවුල් සහ විගමනික ශ්‍රමික පවුල් ව්‍යවසාය කටයුතු සඳහා යොමු කිරීම ද ජයගමු ශ්‍රී ලංකා තුළින් සිදු කරන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේ.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය යටතේ ඇති ආයතන සියල්ල මෙම ජංගම සේවා වැඩසටහන යටතේ පුත්තලමේ ජනතාව වෙත පැමිණෙන අතර එමගින් කොළඹ කාර්යාල වෙත ගොස් කරගත යුතුව තිබූ කාර්යයන් රැසක් සුළු වේලාවක් තුළ තමන්ගේ ප්‍රදේශය තුළ දී කර ගැනීමට හැකි වීම ද මෙම වැඩසහන මගින් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට ලැබෙන සුවිශේෂී ප්‍රතිලාභයක්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!