ප්‍රතිලාභ රැසක් සමගින් ජයගමු ශ්‍රී ලංකා මෙවර මඩකළපුවට

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ දීපව්‍යප්ත ජංගම සේවාවේ මඩකළපු දිස්ත්‍රික් වැඩසහන ජූනි 28 – 29 දෙදින තුළ මඩකළපුව හින්දු විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

දින දෙකක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහනේ සමාරම්භක අංගය ලෙස විගමණික ශ්‍රමිකයන් ඇගයීමට ලක් කරනා ” විගමණික හරසර ” වැඩසටහන පැවැත්වීමට නියමිතයි.

ඊට අමතරව විදෙස්ගත ශ්‍රමිකයන්ගෙ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම, පාසැල් උපකරණ සහිත බෑග් ප්‍රදානය කිරීම, ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් තෝරාදෙන ස්මාර්ට් පාසල් පන්තිකාමර සඳහා ස්මාර්ට් බෝර්ඩ් ලබාදීම සිදුකරනු ලබනවා.

ඊට අමතරව ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා මූල්‍ය ආධාර ලබාදීම, රෝද පුටු සහ ඇස් කණ්නාඩි ලබාදීම, රැකියා සඳහා විදේශගතවීමේදී වැඩිම අවස්ථා ගණනක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවූ ශ්‍රමිකයන්ට වවුචර් පත් පිරිනැමීමද එහිදී සිදුකිරීමට නියමිතයි.

රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුව සඳහා මග පෙන්වන ”ස්මාර්ට් යූත් ක්ලබ්” වැඩසටහනද මෙහිදී පැවැත්වෙන අතර එම වැඩසහටන මගින් වෘත්තීය පුහුණුව සඳහා ජනාධිපති අරමුදලින් ලබාදෙන ප්‍රතිපාදන පිළිබඳ දැනුවත් කිරිමද සිදුවනවා.

අවිධිමත් ශ්‍රමිකයන්ගේ වෘත්තීය ගරුත්වය සහ ආරක්ෂාව තහවුරු කරනා ”ගරු සරු” වැඩසහන, මිනිස් ජාවාරම සහ කම්කරු නීතිය පිළිබඳ කෙරෙනා දැනුවත් කිරිම්ද මෙම ”ජයගමු ශ්‍රී ලංකා” වැඩසහටනට යටතේ පැවැත්වෙනවා.

ඊට අමතරව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි රැකියා ඒජන්සි 40ක පමණ සිය සේවා කවුළු ප්‍රදර්ශණ භූමියේ පවත්වන අතර එමගින් නවතම විදේශ රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු රැසක් ලබාගැනිමට හැකියාව ලැබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!