ඩේලි මිරර් ප්‍රධාන කර්තෘ ජමිලා හුසේන්, ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බව වාර්තා වනවා.
කළමනාකාරිත්වය සහ කතුවරිය අතර මතුව ඇති මතභේදයක් හේතුවෙන්, ජමිලා පසුගිය සතියේ ඉල්ලා අස්වීම භාර දුන් අතර ඔක්තෝබර් මාසයේදී ඇය සිය තනතුරෙන් ඉවත් වනු ඇති.
ජමිලාගේ ඉල්ලා අස්වීම ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය විසින් පිළිගෙන ඇති බව වාර්තා වනවා.
ඇගේ නව භූමිකාව පිළිබඳ නිවේදනය ලබන මාසයේ නිකුත් කිරීමට නියමිතයි.