ගුජරාටි ත්‍රස්ත විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා සම්න්ධයෙන් රූපවාහිනී නාලිකාවට පැමිණ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර නීතිය පිළිබඳ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහ මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
ඉන්දියාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා පැමිණි ISIS සාමාජිකයන් බව කියමින් අහමදාබාද් ගුවන්තොටුපොළේ දී අදාළ ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.
එම සැකකරුවන් සිව් දෙනාගේ නම් පාස්කු කොමිෂන් සභා වාර්තාව මඟින් පුනරුත්ථාපනය කළ යුතු යැයි සඳහන් නම් ලැයිස්තුව අතර තිබෙනවා යැයි ආචාර්ය පුන්සිරි අමරසිංහ මහතා එම රූපවාහිනී වැඩසටහනේ දී පවසා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔහු දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් ද කර ඇති බව වාර්තා වෙනවා.
නමුත් එම සැකකරුවන් සිව්දෙනාගේ නම් එම නම් ලැයිස්තුවේ නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර ගෙන ඇති අතර අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අමරසිංහ මහතාගෙන් තමන් සිදු කළ ප්‍රකාශයට අදාළ සැකකරුවන් සිව් දෙනා සම්බන්ධයෙන් පාස්කු කොමිෂන් සභා වාර්තාවේ සටහන්ව ඇත්තේ කුමන පිටුවකදැයි ඊයේ (28) ප්‍රශ්න කර තිබෙනවා.
එම ප්‍රශ්න කිරීමේ දී නිසි පිළිතුරක් ලබාදිය නොහැකි වූ ආචාර්ය පුන්සර අමරසිංහ මහතා තහවුරු නොවූ පදනම් විරහිත ප්‍රකාශයක් රූපවාහිනී මාධ්‍යයෙන් පැවසීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටි බව වාර්තා වෙනවා.
ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගෙන අද (29) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.