ISIS ගැන බොරු කියූ ආචාර්යවරයෙක් දැලේ

ගුජ­රාටි ත්‍රස්ත විම­ර්ශන ඒක­කය අත්අ­ඩං­ගු­වට ගත් ශ්‍රී ලාංකි­ක­යන් සිව් දෙනා සම්න්ධයෙන් රූප­වා­හිනී නාලිකාවට පැමිණ ආන්දෝ­ල­නා­ත්මක ප්‍රකා­ශ­යක් සිදු­කළ කොත­ලා­වල ආර­ක්ෂක විශ්ව­වි­ද්‍යා­ලයේ ජාත්‍ය­න්තර නීතිය පිළිබඳ කථි­කා­චාර්ය ආචාර්ය පුන්සර අම­ර­සිංහ මහ­තා අත්අ­ඩං­ගු­වට ගෙන තිබෙනවා.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්තමේන්තුව විසින් ඔහුව අත්අ­ඩං­ගු­වට ගෙන ඇති බව සඳහන්.

ඉන්දි­යා­වට ත්‍රස්ත ප්‍රහා­ර­යක් එල්ල කිරීම සඳහා පැමිණි ISIS සාමා­ජි­ක­යන් බව කිය­මින් අහ­ම­දා­බාද් ගුවන්තො­ටු­පො­ළේ දී අදාළ ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.

එම සැක­ක­රු­වන් සිව් දෙනාගේ නම් පාස්කු කොමි­ෂන් සභා වාර්තාව මඟින් පුන­රු­ත්ථා­ප­නය කළ යුතු යැයි සඳ­හන් නම් ලැයි­ස්තුව අතර තිබෙනවා යැයි ආචාර්ය පුන්සිරි අම­ර­සිංහ මහතා එම රූප­වා­හිනී වැඩ­ස­ට­හනේ දී පවසා තිබෙනවා. ඒ සම්බ­න්ධ­යෙන් ඔහු දීර්ඝ කරුණු පැහැ­දිලි කිරී­මක් ද කර ඇති බව වාර්තා වෙනවා.

නමුත් එම සැකකරුවන් සිව්දෙනාගේ නම් එම නම් ලැයිස්තුවේ නොමැති බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අනාවරණය කර ගෙන ඇති අතර අනතුරුව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අමරසිංහ මහතාගෙන් තමන් සිදු කළ ප්‍රකා­ශ­යට අදාළ සැක­ක­රු­වන් සිව් දෙනා සම්බන්ධයෙන් පාස්කු කොමි­ෂන් සභා වාර්තාවේ සට­හන්ව ඇත්තේ කුමන පිටු­ව­ක­දැයි ඊයේ (28) ප්‍රශ්න කර තිබෙනවා.

එම ප්‍රශ්න කිරී­මේ දී නිසි පිළි­තු­රක් ලබා­දිය නොහැකි වූ ආචාර්ය පුන්සර අම­ර­සිංහ මහතා තහ­වුරු නොවූ පද­නම් විර­හිත ප්‍රකා­ශ­යක් රූප­වා­හිනී මාධ්‍ය­යෙන් පැව­සීම සම්බ­න්ධ­යෙන් සමාව ඉල්ලා සිටි බව වාර්තා වෙනවා.

ඒ අනුව ඔහුව අත්අ­ඩං­ගු­වට ගෙන අද (29) දිනයේ අධි­ක­ර­ණ­යට ඉදි­රි­ප­ත් කිරීමට නියමිතයි.