ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (03) පැවැත්වීමට නියමිතය.
ඒ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතරය.
තරගය අහමදාබාද්හි දී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 07.30ට ආරම්භ වීමට නියමිතය.
දෙවන වරට ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයකට සුදුසුකම් ලැබීමට පංජාබ් කිංග්ස් පිල සමත්ව තිබේ.