ලංකා IOC සමාගම QR ක්‍රමයට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදු නොකිරීම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් 26ක කටයුතු අත්හිටුවීමට තීරණය කර තිබේ.
QR කේතයට පරිබාහිරව දිගින් දිගටම ඉන්ධන අලෙවිය සිදුකරන ලද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් 40ක ද ඉන්ධන අලෙවිය අත්හිටුවීමට ඊයේ තීරණය කළේය.