IOC හෙට සිට වැඩි මිලට විකුණන ඉන්ධන වර්ගය

ලංකා ඉන්දියන් ඔයිල් (IOC) සමාගම XP100 නම්වන ඉහළම ඔක්ටේන් ශ්‍රේණිගත කාණ්ඩය සහිත ඉන්ධන වර්ගයක් හෙට (11දා) සිට මෙරට වෙළෙඳපොළට හඳුන්වාදීමට නියමිතයි.

නාරාහේන්පිට සහ තුම්මුල්ලේ ඉන්ධන පිරවුම්හල් දෙකකින් මුලින්ම මෙම ඉන්ධන බෙදාහැරීමට සුදානම් කර තිබෙනවා.

මෙම වර්ගයේ ඉන්ධන ලීටරයක මිල සාමාන්‍ය ඉන්ධනවලට වඩා මිල අධික බවයි වාර්තා වන්නේ.

මෙම ඉන්ධන ඉන්දියන් ඔයිල් හි පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය විසින් දේශීයව දියුණු කරන ලද තාක්‍ෂණයක් වන ඔක්ටමැක්ස් හරහා නිපදවා තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!