IOC සමාගම සයිනොපෙක් ගානටම ඉන්ධන මිල ඉහළ දමයි .

අද(22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි IOC සමාගම ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් වල මිල ගනන් සංශෝධනය කර ඇත .

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් සහ සුදු ඩීසල් මිල වෙනස් නොවේ . ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 455 සිට රුපියල් 487 දක්වා ඉහළ දමා ඇත . සුපිරි ඩිසල් ලීටරයක මිල රුපියල් 443 සිට රුපියල් 572 දක්වා ඉහළ දමා ඇත .

මෙම නව සංශෝධනයත් සමග IOC සහ සයිනොපැක් සමාගම් අලවිකරනා ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල සමාන වෙයි . ඊට සාපේක්ෂව ඛණිජතෙල් සංස්ථාව අලවි කරනා ඔල්ටේන් 95 පෙට්‍ර්‍රල් සහ සුපිරි ඩීසල් මිල අඩු අගයක් ගනී .