මහල් නිවාස සංකීර්ණයෙන් ඇදවැටී මියගිය දරුවන් ගැන තවත් තොරතුරු එළියට

කොම්පඤ්ඤවීදියේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක 67 වන මහලෙන් ඇද වැටී 15 හැවිරිදි සිසුවෙක් සහ සිසුවියක් ඊයේ (02) රාත්‍රියේ මිය ගොස් තිබුණා.

මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලවත්ත සහ කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවෙකු සහ සිසුවියක් බවයි කොම්පඤ්ඤවීදිය පොලීසිය පැවසුවේ.

මියගිය සිසුවිය සහ සිසුවා කොළඹ ජාත්‍යන්තර පාසලක එකම පංතියක ඉගෙනුම ලබමින් සිටි දෙදෙනෙකු බවත් පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤ වීදිය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර මෙය සියදිවි හානි කර ගැනීමක් බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!